Monday, June 24, 2013

අඩෝව්... මම රාජ කුමාරයෙක් නෙමෙයි...

 
අඩෝව්...
මම රාජ කුමාරයෙක් නෙමෙයි....!!!
මම ගමේ කොල්ලෙක්..!!!

ඒත් අද මගේ ළඟ..
ලෙස්ටර්ද බල්ලෙක්.
 

වැලැඳ කුස සිඹිමිනා,
වැඳ වැටී පා නමඳිනා,

මහ රජානෝ අපේ...
ගමේ කොල්ලෙක්.
ගමේ කොල්ලෙක්.

 හදන්නෙමූ නීතී අපි.
පෝලිම්ද කඩන්නෙමු.
රජුන් පා නමදිනා,
අපට මොන නීතීයද..?
නොමැතිනම් පලක් වෙද...?
මල්ලක්ද අතින් ගෙන...
සල් පිල්හි සැරි සරා.

අදම විත් නරඹන්න....

අනේ විත් නරඹන්න...!!!

අයේ නෑ හදන්නේ ...
මෙවන් වූ කෘතහස්ත,
අති ප්‍රබළ නිර්මා..ණ.
හෙළේ මහා සිනමා...කරුවා...
මගේ හස්බන්ඩ් පොඩ්ඩ...
රේණුකා කියන්නී....
 

අදම ගොස් බලන්නේ,
පුංචි සිරි පැරකුම්ගේ,
පුකත් පෙන්නනවා.. හොඳට...

නොවේ ඒවා කිසිත්
ළමා අපචාර නම්

කවදාක බලන්නද..?

තුන් හෙළේ මහා නළු, ජැකාගේ පුතනුවන්
හෙළේ නිලි රැජිනගේ, ආයියාගේ දූ කුමරි
සංගීතේ රෝහණගේ
තන නළාකරුවකුගේ

ලෙස්ටර්ද සුමිත්‍රද, හඳයාද ප්‍රසන්නද,
ධම්සේන පතිරාජ, තිසු අබේසේකරද,
නිහාල්සිංහලා, බුඩී...
උන් දන්න සිනමාව....


ධර්ම සිරි බන්ඩාර... නායක....
හික්ස්.. මට හිනා එනවා ඕයි
අම්මට
සිරි බන්ඩාර... නායක..
ඒ යුගේ අහවරයි...
මේ තමයි කළියුඝය..
කළාකරුවෝ මරණ..
නලාකරුවෝ රඟන...


අඩෝව්...
මම රාජ කුමාරයෙක් නෙමෙයි...!!
මම ගමේ කොල්ලෙක්..!!!

මම සෝමේ...
ඇයි වලිද...?


                                        -x-
ජනාධිපති සම්මාන...
වසරේ හොඳම නළුවා - සිරි පැරකුම් - ජැකාගේ පුතා
වසරේ හොඳම නිලිය - සිරි පැරකුම් - මාලනීගේ අයියගේ දුව
වසරේ හොඳම සංගීතය - සිරි පැරකුම් - රෝහ
වීරසිංහ
වසරේ හොඳම ගායනය - සිරි පැරකුම් - එඩ්වඩ් ජයකොඩි
වසරේ හොඳම චිත්‍රපටය - සිරි පැරකුම් - රේණුකා බාලසූරිය
වසරේ හොඳම අධ්‍යක්ෂණය - සිරි පැරකුම් - ආචාර්ය සෝමරත්න දිසානායක
ජූරියේ විශේෂ සම්මානය - සිරි පැරකුම් - පුක පෙන්නන පොඩි එකා


අත පසුවී ලියමි
ළෝකයේ හොඳම නළුවා - සෑම්ගේ කතාව - ජගත් චමිල
සාක් කලාපයේ හොඳම නළුවා - මවුස් - තිසල් මොරගොඩ


11 comments:

  1. මේවා කියවල පිස්සු හැදෙනව ඕයි.
    (මම දන්නෙ මාලනිගේ මල්ලියෙක් හිටිය ආනන්ද කියල කෙලි මුනක් තියෙන.අයියෙක් ගැන අදමයි ඇහැව්වෙ)

    ReplyDelete
    Replies
    1. උපාලී... පොර කැමරමන්... අපේ ගෙවල් ළඟනේ..

      Delete
  2. පට්ට පට පට.....
    නිර්දේශිත සම්මාන නම් ඒ විදියටම වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒවා ආයේ ඉරහඳ අනාවැකි වගේ තමයි... මොකෝ
      "ඉරහඳ කිව් දෙයක් කවදාවත් වැරදිලා නැත"

      මේකම මොඩිෆයි කරලා මාතලන් එකේ දානවා...

      Delete
  3. KAVI TIKA PANKADUI

    ReplyDelete
  4. කියන්න වචන නෑ ලොක්කා

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි... එහෙමත් කේස් එකක්ද.. මීට වඩා පොඩ්ඩක් මොඩිෆයි කරලා මාතලන් එකෙත් දානවා. ඒකේ දාන්න කියලා, ඉල්ලුම වැඩියි...

      Delete
  5. ඉතා අගනේය !!!! මාතලන් එක පැත්තෙත් ඇවිත් බලන්නම්.

    ReplyDelete