Sunday, May 19, 2013

අබාධිත රණවිරුවෝ...


වසරකට එක් වරක්,
විජයග්‍රහණ පෙරහරේ,
රැගෙන යති "අන්දවා",
නවීන උපකරණ අවසන,
ඩැමේජ් වූ උපකරණ..

යුද්ධය අවසානය..
මැති ඇමතිවරු, සොම්නසිනි..
සිනහ වෙයි, කවට කම් කරයි..
මොහොතකට නවත්වා,
රෝල් සැන්විච් කෑම,
නැගි සිට බෝ අමාරුවෙන්,
අත් පොලසන් නඟයි...
මවාගත් දුකක් ගෙන...

වසර හතරක්ම,
නොදැක්කෙමි.
යුද්ධයේ නියමුවා..
ඉඳගන්න, ඉඳගන්න,
අපරාදේ නැගිටින්නේ..
මිනිත්තුවකට,
මිය ගිය උන්ට..
තව ටිකක්..
මේ අපට..

ඇත් අසුන් පිරිවරා..
පෙරහරින් පැමිණෙමින්..
රැගෙන යයි..
ජම්බෝ රථවලින්..
පින් කරපු ඒ පුතුන්.

පරන ටකරං බසයේ
රැගෙන යයි රාගමට
ඩැමෙජ් වූ උපකරණ.
 ජාතියේ විරු පුතුන්..

-x-

Thursday, May 16, 2013

එක්වෙමු.. 21 දා........




එන්න..!!!
"21" දා...

ආන්ඩු පෙරලන්නට නොව..
එරෙහිවන්න..
හොරුන්ගේ පව්,
අපේ කරමත,
පැටවීමට.....

මහා බල සම්පන්න,
ආන්ඩුද දන නමන.. 
මාෆියාවන්
එරෙහිව.....

-x-

Saturday, May 11, 2013

අමල්බිසෝ... දොර ඇරලා....



මගෙ අමල්බිසෝ..
නොමැත දොර අගුළු ලා..

සිටියෙමි බලා,
ඔබ එනතුරා..
වෙහෙස ඇති,
බොහෝ ලෙස,
රාත්‍රිය නිදි මරා..

දෙදෙන නිදි නැති රැයක..
ඔබ එතන මා මෙතන
අගුළු නැති ජීවිතය,
අගුළු ලා පලක් වෙද,
මගෙ අමල්බිසෝ...???

හිමිදිරිය එළබිලා...
දොර පියන් වැසුවාට,
නොමැත දොර අගුළු ලා....

දොර ඇරලා අමල්බිසෝ.....!!!!

-x-

Wednesday, May 8, 2013

නොදැක ඉන්න බෑ...




නොදැක ඉන්න බෑ... මට නම්... මගේ ආදරී..
ඒ නිසයි මං... ආ...වේ..... ආ..යෙත් හැරි....
යන්න නම් බෑ..... උඹ දමා... මගේ සුන්දරි.....
වාතයක් නම්.. මට වෙනු සමා.. වෙරි වෙරි සොරි....//

Monday, May 6, 2013

පොලිස් ලව් (වැඩිහිටියන්ට පමණයි) - Police Love (18+)


නිමිත්ත - කාන්තාවකට ලව් කරන්න ආ, පොලෝසියෙ විනය අංශයේ පොරක් , බියර් දෙකකුත් අරගෙන එන්නම් කියා, ගෙදර දා ලොක්කර, පොලීසියට ගිහින් ඕ අයි සී එක්ක ඇවිත්.

Sunday, May 5, 2013

කිසි දේකට බය වෙන්න එපා...



අද කන්න වෙනවා "අක්කි"..
ඔයාගේ අම්මගෙන්...

කිසි දේකට බය වෙන්න එපා "කුකු"...
"සර්ෆ් එක්සෙල්" තියෙනවනේ...
-x-