Thursday, October 6, 2011

අහෝ ගුත්තිල...!!!



නොසඟවා සියළු සිප්
බෙදුව මූසිලයනට
ලැබුනේද වැඩි දෙයක්
බෙදුව නැති බැරි අයට

එයයි මා ලද සතුට
නොපැතීය අන් යමක්
ජීවීතය හරි බරක්
අමාරුයි හැමෝටම

විඳගන්න මේ මිහිර
සැනසෙන්න මා මිතුර
තිබේනම් වැඩි යමක් ඔබ අතේ
ගුරුතුමා සනසපන් මගෙ පුතේ

ළෝක ගුරු දිනය වෙනුවෙන් දෙවිවරුන් වන් ගුරුවරුන්ට.

5 comments:

  1. නොසගවා අකුරු කරවු දෙවියන් වන් වු ගුරුන් නිසා මැයි මෙතන හිඳ ඔබට ලියන්නටවත් අකුරක් උගත්තෙ.

    ReplyDelete
  2. @ ලොකු ජෝන්
    අහන්නත් දෙයක්ය.

    ReplyDelete
  3. දැඩි හිරු රැස් පහස වැදී
    ගත ඩා බිදු වැගිරෙද්දී
    සිය දිවි මග ගෙනයන්නට
    ඇදුරිදු මහ මග බැසලා

    ReplyDelete
  4. @ මල්මී
    අවංක කොයි මනුස්සයටත් අන්තීමට වෙන්නේ ඔය ටික. මම ළඟකදි වැඩි හිටි නිවාසෙක දානෙකට සහභාගී උනා. මම කෑම එකක් දුන්නම ඒ තාත්තා මට වැන්දා. හුරු පුරුදු මුහුණක්, මගේ ගුරුවරයෙක්. අපි ජීවත්වෙලා මොකටද.

    ReplyDelete
  5. ඒ කතාවට නම් දෑස් තෙත් වෙනවා. ලෝකෙ හැටි ඔහොම තමයි. අපිට මොනවා වේවිද කවුද දන්නේ.

    ReplyDelete