පොඩි කාළේ ඉඳලම පුදුම ආසයි ලියන්න... පළා කොල නෙමෙයි අනේ හිතට එන ඒවා.. ඒ කාළේ ලියන්නේ ඉස්කෝලේ ලියන පොත් වල පිටිපස්සේ.. සමහර වෙලාවට ගුරුවරු දැක්කත්, නොදැක්කා වගේ ඉන්න ඇත්තෙ ලියපු ඒවල ගන්න දෙයක් නැති නිසා වෙන්නත් ඇති.. ඒත් එකම එක, සැරම සැර සර් කෙනෙක්ට අහුවෙච්ච දවසේ මම හිතුවා හම්බානක කන්න වෙයි කියලා. නමුත් කට කොනකින් හිනාවෙලා කිව්වා වෙනම පොතක් අරගෙන දිගටම ලියන්න කියලා. ඒ ලියලා තිබුනේ ලව් ලෙටර් එකක් කවියකින්. ඒ කාළේ ඒවා ඇර වෙන මොනවා ලියන්නද. ..?
මේ පින්තූරේ දැක්කම මට මතක් උනේ මගේ පොඩි කාළේ.. ඒ කාළේ, අපේ බාප්ප කෙනෙක්ගේ කඩේක තිබුනා ඉන්ගිරිස් ටයිප් රයිටරයක්... බාප්ප කියවන ඉන්ග්‍රිස් පත්තරේ අරගෙන, ඒකේ තියෙන වචන ටයිප් කොරන එක තමයි ඉස්සෙල්ලම කොරේ... පුදුම වැඩේ කියන්නේ, ඉස්ස ඉස්සෙල්ලම හම්බ උන රස්සාවත් අකුරු කොටන එක තමයි.. "ඩේටා එන්ට්‍රි ඔපරේටර්".. කොහොම හරි ෆාස්ටස්ම පොර විදියටත් කප් ගැහුවා..