Tuesday, May 18, 2010

මල්

මේ මොකද මේ ..
රෝසී, සකුරා, සේපාලිකා ..
මා වටකරන් ..
හරි ලස්සනලු, සුවඳයිලු ..

නෙළුම්, මානෙල්, ඕලූ ත් ඇවිල්ලා..
පූජනීයයි කියන්නේ ..
ඉතිං මයෙ මොකෝ.....

එපා මට කෙහෙල් මල් ..
ලොවේ කොතනක ගියත් ..
මං ආදරේ කරන, මට ආදරේ කරන ..
උඹට පමණයි ආදරේ මං..
මගේ මල් එතනෝ ...

බොරතෙල් ආතල් වගේද .....?
සංතාප අර තාප මේ තාප ...
නැති බංගස් වෙලා යන්න ..

මගෙ මල් එතනෝ ..
මම මල් ඔතනෝ ..

එන්න එන්න අපෙනුත් ගන්න මල් ...
හරි ලාබයි, හරි ආතල් ..
ඕගොල්ලොත් ගන්න ..

Monday, May 17, 2010

මහ සාගරය පිරුණේ මව් කඳුළු වලින්.......

සමරති රජවරුන්, මැති ඇමති පිරිවරා
උත්කර්ෂවත් ලෙසින්,
බොහෝ ජය පැන් බොමින්
ලැබුණි ආරාධනා
උඹේ රුව අතින් ගෙන
මැරි මැරී උපදින්න
උණු කඳුළු විකුණන්න.....

සටන් බිම දිවි පිදූ
උඹ මෙන්ම සොයුරන්ද
වියරු වූ සතුරන්ද
විඳින්නට ඇති පුතේ
සෙනේහය මවකගේ....

නොයමි මම ඒ දෙසට
සිරකරන් උඹේ රුව
කිරි පෙවූ ළැමද මත
වන්න නින්දා නුඹට
වීරයා නුඹ මගේ
මමයි අම්මා උඹේ....

Friday, May 14, 2010

ඔයාට පුලුවන්ද මට මගේ තාත්තව දෙන්න....?

පුතේ ඔයාගේ තාත්ත ජාතීයේ වීරයෙක්....

ඔයාට ඕන දෙයක් කියන්න අපි ඉන්නව පුතේ ඒ දේ ඉටුකරන්න......

ඔයාලට පුලුවන්ද මට මගේ තාත්ත ගෙනල්ල දෙන්න......?

Thursday, May 13, 2010

මේ දිවි මඟේ ආරම්බයයි...

මේ වනේ මං මුලාවේයයි
වඟ සතුන් හට ගොඳුරු වේයයි
සිතන්නැති ඔබ මගේ අම්මේ

ඔබේ අත් වැල බිඳ දමා මා
වනේ වනගත වෙන්න යාදෝ
සිතන්නැති ඔබ මගේ අම්මේ

කුරුල්ලකු සේ පියාඹන්නට
සිතෙන මුත් මට වෙන්ව යන්නට
ඔබේ අත හැර බයයි යන්නට
දැනෙනවාදෝ, මගේ අම්මේ.......

Wednesday, May 12, 2010

ඇයි දැන් තරහ වෙලා....

අපෝ, ඕකට ඔච්චර තරහ ගන්න ඔනය...

මම ඉතින් ආදරේට නේ කිව්වෙ පුතේ...

ඔන්න, ඔන්න. දැං හිනාවෙන්නයි යන්නේ.........

සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද?.....

හොඳට කන්න බොන්න තියෙන පොහොසත් පව්ල්වල ලමයි මහණ කරනව අහල තියෙනවද? මෙච්චර පොඩි වයසෙන්? මහණ වෙන්න ආසයි කිව්වත් ඉඩක් ලැබෙන්නෙ නෑ.

දානෙකට එහෙම මේ චූටී කට්ටිය වැඩියහම මට පුදුම දුකක් ඇති වෙන්නේ. තේරුමක් තියෙන වයසෙදි මහණ උනත්. පොඩි කාලෙම මහණ කරන්න නරකයි කියන එක මගේ අදහස. ළමා කාලය විඳින්න නොදෙන එක මහ පාපකර්මයක් කියලයි මට හිතෙන්නෙ.

කොච්චරනම් දරුණු දඬුවම් විඳිනවද මේ කට්ටිය...

Tuesday, May 11, 2010

හූ..... හු...... පුච බෝලේ එලියේ...

මට නම් මේ චූටී පුච බොල මිරිකන්නමයි හිතෙන්නේ..

ඒත් ළමා අපචාර කියයිද දන්නෙ නෑ..

මට මොකෝ...

කුචි... කුචී.... කූ......

මේ පාළු මාවතේ ......

මේ වගේ පාරක ගමන් කරල තියෙනවද...

තනියම....

පුදුම විදියෙ සිතුවිලි හිතට ගලාගෙන එන්නෙ.....

විස්තර කරන්න වචන මදි......

ඇෆ්ගන් කෙල්ල ........

ලෝකප්‍රකට මේ ඡායාරූපයේ ඉන්නෙ ශර්බාට් ගුලා කියන ඇෆ්ගන් කෙල්ල. සෝවියට් හමුදාව ඇෆගනිස්තානය ආක්‍රමනය කරපු වෙලාවේ මෙයාගෙ අම්මයි තාත්තයි දෙන්නම් මැරුම කාලා තියෙනව. ඊට පස්සෙ ආච්චිත් එක්ක අනාත කඳවූරක ඉන්න කොට තම මේ පින්තුරය අරගෙන තියෙන්නෙ. එතකොට එයාට අවූරුදු 13 විතර.

ඇෆගනිස්තානය කියන්නෙ මම දන්න කාලේ ඉඳල මහ කාලකන්නි රටක්. මේ කෙල්ලගෙ ඇස් දෙකෙන් කතන්දර කීයක් කියනවද....

මෙත්, මුදිතා, කරුණා ධාරා .....


පොලොන්නරුවේ ගල් විහාරය කියන්නෙ ශ්‍රේෂ්ඨ කලා නිරමාණයක්, වෙන රටවල මේ වගේ නිර්මාණයක් අවට පරිසරය ඉතා අලංකාරව නිර්මාණය කරල තවත් ආලෝකයක් එකතු කරනව.

එහි තිබෙන හිටි පිළිමය තරම් මගේ සිත්ගත් වෙනත් නිර්මාණයක් ලංකාවේ ඇත්තෙ නෑ. සෙනග නැති දවසක මුලු දවසෙම උනත් මට මේ නිර්මාණය දිහා බලාගෙන ඉන්න පුලුවන්.......